Share on facebook
Facebook
Share on pinterest
Pinterest
Share on twitter
Twitter

ඔබ මේ එකතුවෙලා ඉන්නේ අද Top Story සමග අදත් වෙනදා වගේම අපිත් එක්ක ඉන්නවා සුවිශේෂී පුද්ගලයෙක් ඔහු නිරූපණ ශිල්පියෙක් වගේම අංගම්පොර ශිල්පියෙක් ඔහු එම කොට්ඨාස දෙකෙන්ම විදෙස් රටවල් ජයග්රහණය කර ලංකාවට විශාල කීර්තියක් අත්කර දුන් පුද්ගලයෙකි.තව විශේෂත්වයක් වන්නේ වසර තිස් පහකට පසුව විවාහක ලෝක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට ගේන්න පුරෝගාමී වූ පුද්ගලයෙකි ඔහු නමින් රුක්මාල් සේනානායක අපි ආදරේට කියන්නේ රුකා.

1984 පසුව ලංකාවට විවාහක රූරැජින රැගෙන ඒමට ඔබ විශාල මෙහෙවරක් කළා සිදුවූයේ කෙසේද?

2019 වර්ෂයේ චන්දිමාල් ජයසිංහ අධ්‍යක්ෂණය කළා Miss sri Lanka World Pageant එක එහිදී මට ආරාධනා ලැබුණා චන්දිමාල් ජයසිංහගෙන් මේ pageant එකේ official choreographer විදිහට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් එහිදී මුල්ම Audition එකේ සිට international win කරලා එනකන් Miss World වෙනකන් මම චන්දිමාල්, තරිදු ලක්ෂාන් අපේ ටීම් එකේ අයත් එක්ක හිටියා මගේ කාර්ය වුණේ මේ සඳහා එන හැම ළමයම මුලසිට පුහුණු කිරීම. ජාත්‍යන්තර තරගයකට යනවනම් international විදියට කොහොමද එයාව training කරන්නේ Miss world champion වුන ඇය මුලින් modeling  කරපු කෙනෙක් නෙමෙයි. ඇය මාත් එක්ක මාස හතරක් පමණ පුහුණුවීම් කරා. ඇය පමණක් නෙවෙයි අෂිකා මාරසිංහ, ඉෂාරා සඳමිණි ඇතුළු පහළොස් දෙනෙකුට පුහුණුවීම් කළා. ඉතින් අපිට ජයග්‍රහණයක් ලැබුණා.  Choreographer විදිහට මම ගොඩක් සතුටු වෙනවා.

රුක්මාල් දැන් අලූත් වැඩකට සූදානම් කියලා ආරංචියක් තියෙනවා මොකක්ද ?

කොරෝනා නිසා ලෝකය වගේම අප රට ද ලොකු අර්බුදයකට ලක් වුණා. ඉතින් මේ වෙනුවෙන් අපි තරුණ පරපුර විදිහට ලංකාවට අපේ රජයට අපට කරන්න පුළුවන් දෙයක් හිතන කොට මමත් වගේෂ වික්‍රමවංශ අංගම්පොර ගුරුතුමා, ලලිත් පැරකුම් අයියත්. ඕෂධ වැලිකල ,තරිඳු ලක්ෂන් මේ අපි හැම දෙනාම එකතු වෙලා අපි අලුත් කන්සෙප්ට් එකක් හැදුවා යක්ක යන්ගේ නැගී සිටීම කියලා එය cinamatic dancing show එකක්. ලංකාවේ ප්‍රථම වරට කරන්නේ එය සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගනයේ තියෙන්නේ එය විශේෂ වන්නේ අංගම්පොර නර්තනය ගින්දර මේ සියල්ලම එකතු කරලා කරන වැඩසටහනක්. එයට ලංකාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පීන් රාශියක් සම්බන්ධ වෙනවා. ඉතිං අපි බලාපොරොත්තු වෙන්නේ මෙහි එන ආදායම ජනාධිපති අරමුදලට ලබාදෙන්න දැනට අපි දළ වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මිලියන 4.5 ක ආදායමක් අපට රජයට බැර කරන්න පුළුවන් වෙයි කියලා.

ඉතින් රුකා අවදානමක් නැද්ද

ඔව් දිනිදු ලොකු අභියෝගයක් භාර ගත්තේ cable,dancing,fire අංගම්පොර කියන්නේ ඇත්තටම ජීවිතය සහ අන්තරාය දෙක අතර තමයි දෝලනය වෙන්නේ ලලිත් සහ වගේෂ ගුරුතුමාගේ සංකලනයක් ලෙස රුක්මාල් සේනානායක අංගම්පොර ශිල්පියෙක් සහ Fire man කෙනෙක් විදියට තමා කරළියට එන්නේ . මෙහිදී අපි ගින්දර ආයුධ එහෙමත් නැත්නම් cable එක්ක වැඩ කරන්නේ. මෙය reality show එකක් මෙහිදී අපි පිච්චෙනවා තුවාල වෙනවා දැනට මත් මගේ අත තුවාල වෙලා තියෙන්නේ පොඩි පොඩි අතපසු වීම් වෙනවා නමුත් අපි හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙම වැඩසටහනට corona බාධාවක් වෙන්නෙ නැද්ද?

ඔව් ඔව් location එක විදිහට සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගනය තෝරාගෙන තියෙනවා ඒ එක්කම මෙහි කාලවකවානුව නිශ්චිත ව තවමත් තීරණය කර නෑ. අපි හිතන් හිටියේ සැප්තැම්බර් මාසේ කරන්න කොරෝනා එන්න එන්නම දරුණු වුනොත් මාස කිහිපයක් ප්‍රමාද වෙයි. කෙසේ හෝ රට සාමකාමී උන දවසට වැඩසටහන කරනවා. මෙහි විශේෂත්වය වන්නේ සෞඛ්‍ය අංශ විසින් covid-19 වලට ලබා දී ඇති උපදෙස් හා නිර්ණායක සමගින් මෙම වැඩසටහන කරන්නේ.

මේ කලාවට එන්න ඔබට මූලික අඩිතාලම වැටුනේ කෙසේද?

මගේ උපන්ගම බදුල්ලේ මගේ අම්මා කොළඹ මම හැදුණෙ වැඩුණෙ බදුල්ලේ. පාසල් ගියේ බදුල්ල ධර්මදූත ජාතික පාසලට එතනින් පස්සේ අම්මගේ පවුලෙ අයත් එක්ක කොළඹ සම්බන්ධතාවක් තිබුණා. මම කොළඹට ආවත් මේ ක්ෂේත්‍ර දෙකම ගැන කිසිම අවබෝධයක් තිබ්බේ නෑ. 2015දී පළවෙනියටම රංගන ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙනවා. එතනින් විශේෂත්වය වන්නේ මම විවාහ වෙනවා. මගේ ආදරනිය බිරිඳ කල්පනී රත්නායක සමඟ ඉතින් ඇයත් සමග විවාහ වෙලා මම මාස කිහිපයක් යද්දී මගේ බිරිඳගෙ අක්කා වන රෝෂනී රත්නායක හා ඇයගේ මව පුෂ්පා මහත්මිය මාව උද්යෝගිමත් කරා. ඔය අතරතුර මගේ බිරිඳගේ මව TV program එකකට ගියා. ඉතින් මමත් ගියා. එතන හිටිය අයත් සමග මම කතා කළා ඉතින් මට හිතුනා ඇයි මම මේ දේ නොකරන්නේ  කියලා පසුව  අක්කගේ සහ මවගේ අනුදැනුම ඇතිව නික් ජයමහ ගුරුතුමා ළඟට නිරූපණය ගැන ඉගෙන ගැනීමට මාව මුලින්ම යොමු කළා. රංගන ක්ෂේත්‍රයට එන්නේ සමිත් සිරිමාන්නගේ ‘පෙනෙනා තෙක් මානයේ”  ගීතයෙන් රංගනයට යොමු වුණේ. එය අහඹු සිදුවීමක් වෛද්‍යවරයාගේ චරිතයට එන්න හිටපු කෙනා පැමිණිලා නැහැ ඉතින් සමිත් මට කතා කරා රුකා ඔයාට පුලුවන්ද කියලා ඉතින් මම එය සාර්ථකව කළා. ඉතින් මං මේ වෙද්දි මියුසික් වීඩියෝ එකසිය පනහකට වැඩිය කරලා තියෙනවා ඉතින් මං වැඩිය රංගනයට යොමු වෙන්නේ නෑ මොකද හැදෑරීමකින් තොරව මොන Talent එක තිබ්බත් අතරමගදී නොදැන අපට නතර වෙන්න වෙනවා. ඉතින් මම නිරූපණ ක්ෂේත්‍රය තෝරගත්තා 2015 නික් ජයමහ ගුරුතුමා 2016 වර්ෂයෙහි සංජය සේනාරත්න ගුරුතුමා 2017 වර්ෂයෙහි AACS  ආයතනයෙන් professional modeling diploma එක ගන්නවා. 2018 අවසානයේ Megastar production පිලිපීන් වල නෝදනමන් හසෙන්ඩස් යටතේ මගේ diploma එක ඉවර කරනවා. ඉතින් මේ වෙනකොට higher National Diploma එක U.k. වල කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ හදාරමින් යනවා. මම හැමදාම නිරූපණ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගන්නවා.

ඔබ උදව් කරලා ජයග්රහණ රැසක් ලබා ගත්තා වගේම ඔබ ලබා ගත් ජයග්රහණ මොනවාද?

2017 වර්ෂයේ තමයි Mr and miss global youth ambassador මම ජයග්‍රහණය කළේ. මයුමි ශ්‍රීමාලි මහත්මිය විසින් ලංකාවේ Mr/Miss එකේදි මම සහ යෝගානි අපි දෙදෙනාටම මයුමි මිස් nominate කළා. International pageant  එකට එය පිලිපීන් වල තිබුනේ. රටවල් 50ක් ඇවිත් හිටියා එයින් තුන් වන ස්ථානය මම ලබා ගත්තා ඊට අමතරව විශේෂ වන්නෙ mini  titles පහක් ජයග්‍රහණය කරා. අංගම්පොර සහ ගින්දර නිසා best in talent එක ජයග්‍රහණය කළා..

ඔබ කුඩා කල සිටම අංගම්පොර සහ ගින්දර වලින් දස්කම් දක්වන වාද?

ඇත්තටම මගේ ගෙදර martial arts හා බැඳුණු පවුලක්. මගේ තාත්තා, බාප්පා, මල්ලි, මම කුඩා කල සිටම martial arts කළා. පසුව මම karate කළා .  තාත්තා බාප්පා blackbelt අය ඉතින් ඔවුන්ගෙන් ලැබුණ පුහුණුව මට ලොකු රුකුලක් වුණා. පසු මම අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කරන්න ගත්තේ 2010 සිටයි ඊට අමතරව මම සටන් කලා හයක් පමණ ප්‍රගුණ කළා.

Photo Shoot එකක් කළ පමණින් Model කෙනෙක් වෙන්න පුළුවන්ද?

මම නම් දකින්නෙ නෑ නිරූපණ ක්ෂේත්‍රයේ අනාගතය එය කිරීමට ලක් වෙලා තියෙන්නේ. මොකද අවුරුදු 35 කට පසුව ලංකාවට කිරුළක් ගෙනාවට පස්සේ අපි හිතුවේ මේ නිරූපණ කලාව හරි මාර්ගයට යොමු වෙයි කියලා. නමුත් ඒ එසේ වුණේ නෑ නමුත් අද පරපුරේ සිටින ළමයින් ගේ හැසිරීම ඉතාමත් කණගාටුදායකයි තරුණයෙක් හෝ තරුණියක් ඡායාරූප ශිල්පියෙක් මගින්  Bikini හෝ අඩ නිරුවත් ඡායාරූපයක් ගත් පමණින් ඇය හෝ ඔහු සිතන්නේ ඔවුන් නිරූපණ ශිල්පියෙක් කියලයි. ඔවුන් පසු කලෙක චරිතය මොකක්ද  කියලා නොදැන international event එකකට කොහොමද හුරු වෙන්නෙ  කියා නොදැනුවත්ව පැමිණීම මගින් ඔවුන් අතරමං වෙනවා දැන් නවක model කෙනෙක් ගත්තම සමාජ මතය ගණිකාවක් ඉතින් එම මතය හැමදාම සමාජ සම්මතයක් කරගෙන තියෙනවා  එය වන්නේ අන්න ඒ නිසයි. ඉතින් මම කලින් කිව්වා මෙම කලාවට පැමිණෙන්න ඕනි හරියට දැනගෙන ඒ වගේම Discipline කියන්න දේත් වැදගත්…

ඔබ මීට අමතරව වෙනත් වෘත්තියක යෙදෙන වද?

ඔවු මම පෞද්ගලික රෝහලක කළමනාකරුවෙකු ලෙස අවුරුදු එකොළහක් සේවය කරනවා..

ඔබට එදා සහ අද දැනෙන්නේ කුමන විදිහට ?

අපි ජීවිතයේ ඉදිරියට යද්දී අපි හැමදේම බලන්නෙ step එකක් විදියට ඉදිරියට යන්න. 2015 හිටපු මම අද බැලුවොත් මං ගොඩක් ඉදිරියට ඇවිත් තියෙනවා. නමුත් මගේ ගෝල් එක මෙතන නෙමෙයි තියෙන්නෙ. International මට්ටමෙන් ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන එක ගැන මම රටවල් කිහිපයක නියෝජිතයින් කිහිප දෙනෙකු සමග කොරෝනා වලට කලින් සාකච්ඡා කළා. කොරෝනා ප්‍රශ්නය ඉවර උන ගමන් නැවතත් මම ඒ දේ කරනවා මගේ තියෙන සම්බන්ධතා සහ මම ඉගෙනගත්ත දේවල් සමග ලංකාව කොතනද තියෙන්න ඕනේ කියන දේ තැන සමග  ඉදිරියට යනවා. ඒ වගේම ලංකාවෙ ඉන්න තරුණ තරුණියන්ට නිරූපණ ක්ෂේත්‍රයේ සිටින අයට ජාත්‍යන්තර වටිනාකමක් දෙන්න මම මේ වන විටත් කටයුතු කරමින් යනවා පෞද්ගලිකව උත්සාහ කරනවා හැකිතාක් කාලයක් කලාව හරි මගට ගන්න. life එක හැමදාම රෝස මල් මතින් යන්නෙ නෑ මම හදවතට අවනතව හරි දේ ලංකා වෙනුවෙන් කරනවා..

කතා කලේ –  දිනිදු එකනායක

සටහන – සෙහාන් අසේල බණ්ඩාර

Mekup – දිල්කී දිසානායක

නැංගුරම D

Viewers: 5074

Some Random Albums

Contact Us

We're not around right now. But you can send us an email and we'll get back to you, asap.

Not readable? Change text. captcha txt

Start typing and press Enter to search

Dilhani Weerasinghe