Share on facebook
Facebook
Share on pinterest
Pinterest
Share on twitter
Twitter

අද Top Story තුළින් අපත් සමග සුහද කතාබහකට එක් වන්නේ සොඳුරු රංගන ශිල්පිණියක් වගේම නිරූපණ ශිල්පිනියක් මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන ප්රේක්ෂකයින් අතර වඩාත් ජනප්රිය සකල ගුරු ටෙලි නාට්යයේ පුෂ්පාගේ චරිතයෙන් ඔබ හමුවට එන දිල්හානි වීරසිංහ සමඟයි

ඉතින් කොහොමද දිල්හානි මොකද මේ දවස්වල වෙන්නේ?

මේ දවස් වල නම් වෙන්නේ ඉතින් ඔය ගොල්ලො හැමෝම දන්නවනේ මං සකල ගුරු ටෙලිනාට්‍ය රූගත කිරීම්වල ඉන්නේ ඉතින් ඒකේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම මං Bridal Modeling පැත්තෙන් වැඩ ටිකක් කරනවා ඒ වගේම වෙළෙඳ දැන්වීම් වලට දායක වෙනවා ඒ වැඩත් එක්ක තමා මේ දවස්වල කාලය ගතවෙන්නේ.

ඔබ කොහොමද රංගන ක්ෂේත්රයට පිවිසෙන්නේ.

ඇත්තටම කිව්වොත් රංගන ක්ෂේත්‍රයට එන්නේ කියන්නෙ.මම කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය හරහා ඒ හරහා තමයි මට අවස්ථාව ලැබෙන්නේ.

පුංචි කාලෙ ඉඳලම කැමැත්තක් තිබුණ රංගනයට?

ඔව් ඇත්තටම පුංචි කාලෙ ඉඳලම මම කැමැත්තක් තිබුණා රංගනය පැත්තට. නිරූපණය පැත්තට සම්බන්ධ වෙන්න නිරූපණය පැත්ත කිව්වහම මම කැමැතියි fashion modeling පැත්ත නෙමෙයි bridal modeling පැත්තට ඉතින් ඒ පැත්තට සම්බන්ධ වුනා ඒ වගේම රංගනය පැත්තටත් ලොකු ආසාවක් පුංචි කාලේ ඉඳලම තිබුණ ඒ නිසා තමයි ජාතික රූපවාහිනියෙ අවුරුදු කුමාරි තරගයට ගියේ කලා ක්ෂේත්‍රයේ මාර්ග විවෘත කර ගන්න. ඇත්තටම මට ඒ වගේම අවස්ථාව ලැබුණා.

කලා ක්ෂේත්රය ගැන ඔබ දකින්නේ කොහොමද?

කලා ක්ෂේත්‍රය මං දකින විදිය කිව්වොත් කලා ක්ෂේත්‍රය හොඳයි මේකේ හොද විදියට හිටියොත් හොඳ ගමනක් යන්න පුළුවන් තමන්ගේ හැකියාවන් හදාගෙන ඉගෙනගෙන අපි කැමති දේ ඉගෙන ගනිමින් ඉදිරියට යන්න පුළුවන්.

ඔබ මේ වන විට දායක වී ඇති කලා නිර්මාණ ගැන දැනගන්න කැමතියි?

මේ වන විට දායක වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත් මුලින්ම ජාතික රූපවාහිනියේ විකාශය වුන ළබැඳියේ කියන ටෙලි නාට්‍යයෙන් තමයි මම ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ. ඉතින් දැනට අවුරුදු දෙකක් තුනක් විතර. ඊට පස්සේ මං අහස් මාලිගා, හුස්මක් තරමට ඒ වගේම රිදී හුය, මල්වත්ත පාර වැනි නිර්මාණවලට දායක වෙලා තියෙනවා ඉතින් ඒ නිර්මාණවලින් රිදී හුය සහ මල්වත්ත පාර යන නිර්මාණ විකාශය වෙලා නෑ. අනිත් නිර්මාණ නම් විකාශය උනා ඊට පස්සේ මං ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයෝ අතරට එන්නෙ සකල ගුරු ටෙලි නාට්‍යයේ පුෂ්පා කියන චරිතයෙන්. තව මියුසික් වීඩියෝ විශාල ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා ඒවගේම තව දායක වෙලා තියෙනවා වෙළඳදැන්වීම් එල් බී ෆිනෑන්ස් රන් ණය උකස් සේවා සහ Dialog ප්‍රසංසා වගේ ජනප්‍රිය වෙළෙඳ දැන්වීම්වලටත්.

ඔබ මේ දවස් වල රංගනයෙන් දායක වෙන සකල ගුරු ටෙලි නිර්මාණයේ පුෂ්පාගේ චරිතයට ඔබට ලැබෙන ප්රේක්ෂක ප්රතිචාර කොහොමද?

සකල ගුරු පුෂ්පාගේ චරිතය ගැන කතා කළොත් ඇත්තටම ඒක ගැමි චරිතයක් ඒ කියන්නේ මම ගොඩක් කැමැත්තෙන් හිටිය චරිතයක් තමයි. රංගනයෙන් දායක වෙන්න හරි ආසාවෙන් හිටියෙ ඉතින් ඒ වගේම චරිතයක් මට හම්බ වුණා.ඇත්තටම ඒක ගමේ ජීවත් වෙන තරුණියක් නැවතිලා ඉන්නේ තමන්ගේ අයියලගෙ ගෙදර ඒ කියන්නේ ගුරුන්නාන්සේ අයියලගෙ ගෙදර ගුරුන්නාන්සේ කියන්නේ ගමේ පේන බලන හොඳ ගුරුන්නාන්සේ කෙනෙක් ඉතින් ඒ හරහා ගෙතිච්ච චරිතයක් එකේ පවුල් පසුබිම ගත්තහම අක්කා, නැන්දා ගුරුන්නාන්සේ අයියගේ දුව, පුතා ඒගොල්ලොත් එක්ක තමයි ඒ චරිත ගැටෙන්නෙ.ඉතින් හරිම ලස්සනයි ඉතින් මම කැමැත්තෙන් හිටපු චරිතෙ මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා ඒ අතින් ගොඩක් සතුටුයි මට ඒ වගේම ප්‍රතිචාර ගත්තොත් ඒකෙන් ගොඩක් ප්‍රතිචාර තියෙනවා අපි හිතන්නේ නැති ලොකු පිරිසක් ඒ ටෙලි නාට්‍ය නරබනවා. ජාතික රූපවාහිනීයේ රාත්‍රී 9.00 ට විකාශය වෙන්නේ සතියේ දිනවල ඉතින් හැමෝම නරබනවා හැම කෙනෙක්ගේම ප්‍රතිචාර තියෙනවා පුෂ්පා පුෂ්පා කියලා ෆේස්බුක් එකේ ගත්තත් යූටියුබ් එකේ ගත්තත් comments විශාල ප්‍රමාණයක් මට තියෙනව ඒ වගේම instagram එකේත් drama එක බලන අය මාව follow කරලා ඉතින් මගෙත් එක්ක කතා කරනවා. ඉතින් ඔයා හොඳට රඟපානවා ඉතින් ඒ වගේ ප්‍රතිචාර නම් ගොඩක් ඉහළයි.

7.ඔබටත් මෙම ක්ෂේත්රයේ කැපිලි කෙටිලි එන්න ඇති නේද?

කැපිලි කෙටිලි නම් ආව තැන් තිබුණා. ඒ වගේ ආව නිර්මාණ වලට දායක වෙන්න අවස්ථාව ලැබිලා නැති වුණ නිර්මාණ තිබුණා. ඒ වගේම ඉතින් හැබැයි සකල ගුරු ටෙලි නාට්‍යයේ නම් එහෙම කිසිම දෙයක් කිසිම ප්‍රශ්නයක් නෑ සතුටින් කාලය ගත කරනවා රූගත කිරීම් සිදු වෙනවා ඉතින් වැඩ කරන සියලුම ප්‍රවීණ අයත් එක්ක මට වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අධ්‍යක්ෂක ටිකිරි රත්නායක මහත්මයා  මොකද ඔහුගේ ගුරුහරුකම් යටතේ තමයි මේ නාට්‍ය රූගත කිරීම් සිද්ධ වෙන්නේ ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි හොඳ පිරිසක් හම්බ වෙලා තියෙනවා සකල ගුරු නාට්‍යයෙන් කිසිදු කැපිල්ලක් කෙටිල්ලක් නැතුව හොඳට වැඩ කරගෙන යන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

දිල්හානි ඔබගේ ඉදිරි වැඩ කටයුතු ගැන කතා කළොත්?

මගේ ඉතිරි වැඩකටයුතු ගැන කතා කළොත් ඉදිරියේදී නිර්මාණ දෙකකට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා එම නිර්මාණත් එක්ක කලා ක්ෂේත්‍රයේ  ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්නයි බලාපොරොත්තුව. ඒ වගේම මම අධ්‍යාපනය හදාරලා ඉවරයි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරුවා ඉතින් උපාධිය නිම කරලා දැන් master degree එක කරන්න අදහසක් තියෙනවා. ඉගෙන ගැනීමේ කටයුතුයි රංගන ක්ෂේත්‍රයේ කටයුතුයි සමබරව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ඉදිරියේදී මම ගුරුවෘත්තියේ නියැලෙන්න බලාපොරොත්තුවක් තියෙනවා ඉතින් ඒ වැඩකටයුතු එක්ක ඉදිරියේදී මගේ කාලය ගත වෙයි.

නිරූපණ ශිල්පිනියක් ලෙස ඔබ කැමති මොන වගේ විලාසිතාවන්ට ?

නිරූපණ ශිල්පිනියක් විදිහට මං කැමති මට ගැළපෙන මට තැනකට ගැලපෙන විලාසිතාවක් කරන්න මං ගොඩක් කැමතියි. ඒ තැනට ඒ විලාසිතාව ගැළපෙනවා නම් මං ඒ විලාසිතාව කරනවා ඒ තැනට ඒ ඇදුම ගැලපෙනවා නම් මං ඒ ඇඳුම් අඳිනවා ඉතින් ඒ වගේ විලාසිතා වලට ගොඩක් මම කැමැතියි.

 

තරුණියක් ලෙස ඔබට ජීවිතේ එන අභියෝග ගැන ඔබ දකින්නේ කොහොමද?

ඇත්තටම මේ වගේ තැනකට එන්න මෙතනට එන්න ගොඩක් ලොකු දුකක් මම වින්දා ඉතිං අභියෝග ගොඩක් ජය ගත්තා මම මට ගොඩක් අය උදව් නොකරපු තැන් තිබුණා සමහර තැන් වල මාව අයින් කරපු තැන් තිබුණා නමුත් ඒ හැම අභියෝගයක්ම ජයගෙන මේ වගේ තැනකට එන්න මට අවස්ථාව ලැබුණා.

ආදරය ගැන ඔබට දැනෙන්නේ මොන වගේද?

ආදරේ ගැන කිව්වොත් ආදරේ හොඳයි හැබැයි ආදරේ තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි. ආදරේ විඳවනවා නම් ඒ ආදරේ නතර කරලා දාන්න ඕනේ මිනිස්සු වශයෙන් අපි. මොකද ආදරේ තියෙන්නෙ විඳින්න මිසක් දුක් විඳ විඳ ජීවත් වෙන්න නෙමේ. ආදරේ කියන්නෙ අපේ ජීවිතයට සතුට ගෙන එන එක දෙයක් ඉතින් සතුටින් ඉන්න පුළුවන් නම් ඒ  ආදරේ අපිට ගොඩක් වටිනවා හැබැයි ආදරේ නිසා අපි දුකින් ඉන්නවනම් ඒ ආදරෙන් ඈත් වෙලා තනියම ජීවත් වෙන්න සිද්ධ වෙනවා.

අවසාන වශයෙන් ඔබේ ගමනට උදව් කළ අය ගැන මතක් කළොත්?

මට උදව් කරපු ගොඩක් අය හිටියා මගේ අම්මා තාත්තා සහෝදරයෝ යාලුවෝ මිත්‍රයෝ ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ සකල ගුරු ටෙලි නාට්‍යයේ කාර්ය මණ්ඩලය ඇතුළු අධ්‍යක්ෂක ටිකිරි රත්නායක මහත්මයා ඒ වගේම නිෂ්පාදක තුමා සමන් රත්නායක මහත්මයා ඇතුළු ටෙලි නාට්‍යය සියලුම රංගන ශිල්පින්ගෙන් මට ලොකු දායකත්වයක් ලැබුණා හැමෝම මට ගොඩක් උදව් කළා මේ තැනට මේ චරිත කරගෙන එන්න ඉතින් ඒ වගේම මගෙත් එක්ක ඉන්න ප්‍රේක්ෂක ජනතාව ගොඩක් උදව් කරා. නාට්‍ය බලනව ඒකෙ හොඳ නරක කියනවා ඉතින් ගොඩක් සතුටුයි. ඒ වගේම සකල ගුරු ෆෑන් පේජ් එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මොකද ඒකෙ සකල ගුරු ටෙලි නාට්‍යයේ රසික පිරිසක් වෙනම ඉන්නවා ඒගොල්ලන්ගෙනුත් ලැබෙන ප්‍රතිචාරත් එක්ක අඩුපාඩු හදාගෙන ඉදිරියට යනවා ඉතින් ඒ ගොල්ලන්වත් මේ වෙලාවේ මතක් කරනවා.

සටහන – සනූක නිමේෂ්

Viewers: 4678

Some Random Albums

Contact Us

We're not around right now. But you can send us an email and we'll get back to you, asap.

Not readable? Change text. captcha txt

Start typing and press Enter to search

Pushpa JanetRukmal Senanayake